මහ වැස්සෙන් ගාල්ල යටවෙයි : පවුල් රැසක් පීඩාවට (VIDEO)

අද (13) අලුයම සිට ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරණිපාත වර්ෂාව හේතුවෙන් අද දහවල් වනවිට පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවි පවුල් 87ක සාමාජිකයින් 407 දෙනෙකු පිඩාවට පත්ව නිවාස 27කට අර්ධ හානි සිදුව ඇතැයි ගාල්ල දිස්තික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙනි එහි පියදිගම, දංගෙදර, දෙද්දු‍ගොඩ යන ග්‍රාම සේවා වසම්වල පවුල් 60ක සාමාජිකයින් 300ක් පිඩාවට පත්ව ඇත.

ගාල්ල මොරගොඩ ඇළ පීටාර ගලා මොරගොඩ ප්‍රදේශය ජලයෙන් යටව තිබේ. මේ අතර ගාල්ල නගරයේ සහ අවට ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවිම නිසා රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබින. ගාල්ල – බද්දේගම, ගාල්ල – වක්වැල්ල, ගාල්ල – කරාපිටිය යන ප්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටව තිබිණ.

මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඉමදුව, හබරාදුව, තවලම, ඇල්පිටිය, බෝපෙ පෝද්දල සහ රත්ගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පවුල් 27ක සාමාජිකයින් 107 දෙනෙකු ද පිඩාවට පත්ව ඇත.

One thought on “මහ වැස්සෙන් ගාල්ල යටවෙයි : පවුල් රැසක් පීඩාවට (VIDEO)

Leave a Reply