මව්පියන් අතර රණ්ඩු ඉවසන්න බැරිව සිසුවෙකු සියදිවි නසා ගනියි

සිය මව්පියන් නිරන්තරයෙන් ඇති කරගන්නා පවුල් ආරවුල් හේතුවෙන් මානසික පීඩනයට පත් වූ දරුවෙකු සියදිවි හානිකරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්දෙණිය – ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර මෙම දරුවා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකු බවද පොලිසිය පවසයි.

ඊයේ (16) අලුයම නිවසේ කාමරයේ දී මොහු තංගුස් කඹයකින් ගෙළවැලලාගෙන මියගොස් සිටියදි නිවැසියන්ට හමුවී තිබෙන බවද පොලිසිය පවසයි.

සියදිවි නසා ගැනීම් වලට පෙළඹීමට ඉඩ ඇති අය ඇතුළුව, ආතතිය, කළකිරීමෙන් සිටින හෝ බලාපොරොත්තු සුන්වීම් වැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින්ට අවශ්‍ය වෙන මානසික සහනය අදාල පුද්ගලයන්ගේ සහ තොරතුරු වල රහස්‍යභාවය රකිමින් නොමිලේ උපදේශන සේවය සදහා අමතන්න

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ
උපදේශන සේවාව, “Say Yes To Life”
+94 112 682 535

Leave a Reply