මවගේ අනියම් සැමියාගේ පහරදීමෙන් විශේෂ අවශ්‍යතා සහිත දැරිය මරුට

සිය අනියම් බිරිඳගේ ගොළු දැරියකට අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ පුද්ගලයකු අද (07) හිරණ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර හිරණ ලේක් විව් හි පදිංචිව සිටි හත් හැවිරිදි දැරියකි.

දැරියගේ ශරීරයේ සෑම ස්ථානයකම තැලුම් තුවාල දක්නට ඇති අතර කටින් හැපූ බවට සැක කරන දත් පහරවල් සහිත තුවාලයක් පාදයක දක්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මීට සති තුනකට පමණ ඉහත දී දැරියගේ මව සහ දැරියව සැකකරු විසින් ඔහුගේ මවගේ නිවසට කැඳවාගෙන පැමිණ තිබූ අතර එම නිවසේ දී දැරියට අමානුෂික ලෙස පහර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ පහරකෑම හේතුවෙන් දැරිය රෝගී තත්ත්වයෙන් දින කිහිපයක් තිස්සේ පසු වී ඇති අතර දරුවාව රෝහල් ගත කිරීමට මව හෝ මිත්තණිය කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ බව අනාවරණය වී ඇත

දැරිය අද (07) උදෑසන සිට රෝගී තත්ත්වයෙන් අසාධ්‍යව පසුවී නිවසේ කාමරයක බිම දමන ලද පැදුරක් මත මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් හිරණ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Leave a Reply