මරණ දඬුවම හිමිවූ පුද්ගලයෙක් සැඟව සිටියදී වසර 10කට පසු අත් අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවූ පුද්ගලයෙක්ක අත්තනගල්ල කහටෝවිට ප්‍රදේශයේ සැඟව සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග 2000 වසරේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන පසුව, ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ

ඒ අතරතුරදී සැකකරුට ඇප ලැබී තිබුණු අතර පසුව ඔහු නඩුව සඳහා ඉදිරිපත් වී නොමැති අතර ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කර තිබේ.

පසුව විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වා ඇති අතර ඒ අනුව ඔහුට මහාධිකරණය විසින් 2012 මැයි 08 වනදා මරණීය දණ්ඩනය තීන්දුකර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ

මොහු හෙට කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි

Leave a Reply