මන්නාරමේ දෙපිරිසක් අතර ගැටුමකින් දෙදෙනෙකු මරුට

මන්නාරම,නොච්චිකුලම ප්‍රදේශයේදී අද (10) උදැසන දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් පත්ව තිබෙන බව පොලිසිය පවසයි

පුද්ගලයින් දෙපිරිසක් අතර වු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් ගැටුමෙන් බරපතල තුවාල හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බවද පොලිසිය පවසයි.

ගම්මාන දෙකක් අතර පවතින ආරවුලක් ගැටුමට හේතු වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවත් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මෙලෙස මියගොස් තිබෙන බව අනාවරණය වන බවද පොලිසිය පවසයි

මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උයිලන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply