මත් උවදුරෙන් ගාලු තරුණ පරපුර රැකගන්න විශිෂ්ඨ මෙහෙයක් කල ලිස්ටා සමුගනි (VIDEO)

ගාල්ල පොලිස් කොට්ඪාශයේ නිල සුනඛ අංශයේ සිටි මත්ද්‍රව්‍ය සොයා ගැනිමේ විශේෂ දක්ෂතා දක්වන ලද නිල සුනඛයෙකු වු ලිස්ටා (1371) රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (23) අලුයම මියගොස් තිබෙන බව පොලිසිය පවසයි

2017 නොවැම්බර් 11 දින නෙදර්ලන්තයේ උපත ලබා ඇති ලිස්ටා 2019 අගෝස්තු 20 වන දින ගාල්ල පොලිස් කොට්ඪාශයට රාජකාරි සදහා පැමිණ තිබේ.    

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පමණක් පුහුණු කර ඇති ලිස්ටා විසින් එදා මෙදාතුර සහභාගිවි ඇති වැටලිම් සංඛ්‍යාව 300කට අධිකය. ලිස්ටා හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු සඟවා තිබෙන ඕනෑම මත්ද්‍රව්‍යක් සොයා ගැනීමට දක්ෂ පොලිස් නිල සුනඛයෙකි.

මත්ද්‍රව්‍ය සොයා ගැනිමට විශේෂ දක්ෂතාවයක් දැක්වු ලිස්ටා හිරු නාලිකාවේ විකාශය වු ටෙලි “හතේ කල්ලිය” ටෙලි නාට්‍යයේ රඟපැමත් සමග මෙරට ජනතාව අතර ප්‍රසිද්ධියට පත්විය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද (23) පස්වරුවේ ගාල්ල පොලිස් භූමියේදී අවසන් කටයුතු සිදු කෙරිණ.

Leave a Reply