මත්පැන් සාදය මරණයෙන් කෙළවර වෙයි

උඩුගම ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අතරතුරු සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සාදයට පැමිණි පුද්ගලයෙකු විසින් සාදය පැවැත්වූ නිවසේ හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 78 හැවිරිදි නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply