මග වැරදී කල්පිටියට ආ ඩොල්ෆින් මත්ස්‍යා යළි ගැඹුරු මුහුදට

පුත්තලම කලපුවේ නිල්ලඩිය ප්‍රදේශයේ නොගැඹුරු දියට අහඹු ලෙස පැමිණ සිටි හම්බැක් වර්ගයේ ඩොල්ෆින් මත්සයකු (Sousa chinensis) සාර්ථකව ගැඹුරු මුහුදු ප්‍රදේශයට පිටත් කර යැවිමට වනජීවි අංශ ඊයේ (09) සමත්ව තිබේ

කල්පිටිය වනජීවි අඩවිය හා ඉලත්තඩිය වනජීවී බීට්ටු කාර්යාල නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා නැවත නිරුපද්‍රිතව කලපුවේ ගැඹුරු ප්‍රදේශය වෙතට නිදහස් කිරිමට කටයුතු කලා. නොගැඹුරු ජලයේ ඩොල්ෆින් මත්සයින්ට සුපුරුදු චාර්යාවන් සිදුකිරිමට නොහැකි වන බැවින් මෙලෙස රංචුවෙන් මගහැරි පැමිණි හම්බැක් ඩොල්ෆින් මත්සයා ගැඹුරු ජලයට යොමු කර තිබේ.

හම්බැක් වර්ගයේ ඩොල්ෆින් මත්සයින් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දැකගත හැකි වන අතර මොවුන් මීටර් 2 ත් මීටර් 3 ක් දක්වා දිගකින් යුතු කිලෝ ග්‍රැරැම් 250 – 285 පමණ බරකින් යුක්තයි. හම්බැක් ඩොල්ෆින් මත්සයින් බටහිර ඉන්දිය සමුද්‍රයේදි බහුලව දැකගත හැකි බව වනජීවි අංශ පැවසීය.

Leave a Reply