බෝට්ටුව පෙරළී ගුරුවරයෙකු හා සිසුන් 03ක් මරුට

මඩකලපුව, කොක්කඩිචෝලෙයි, තන්තමලෛ ප්‍රදේශයේ ඇති වැවක අද (12) දහවල් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගුරුවරයෙකු හා සිසුන් තිදෙනකු ඇතුළු හතර දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 27 හැවිරිදි ගුරුවරයෙකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකු බව පොලිසිය පවසයි

පිරිමි දරුවන් 4 දෙනෙක්, ගැහැණු දරුවන් 7 දෙනෙක් සහ ගුරුවරු 3 දෙනෙක් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී යෑමෙන් අදාළ අනතුර සිදුව තිබුණි. එහිදි සිව්දෙනෙක් දියේ ගිලී තිබු අතර සෙසු පිරිස දිවි බේරාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply