බේරුවලදී යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට

බේරුවල, මග්ගොන හල්කඳවිල ප්‍රදේශයේදී අද (14) පෙරවරුවේ මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් යතුරුපැදියක ගැටී මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හල්කඳවිල වේල්ල හන්දියේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් බවද පොලිසිය පවසයි. 

මෙම කාන්තාව අසළ වෙළඳ සැලකට පැමිණ මාර්ගය හරහා මාරුවෙමින සිටියදී අඹු සැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

යතුරු පැදියේ ගමන් ගත් අඹු සැමි යුවල සුළු තුවාල ලබා තිබෙන බවත් අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

සැකකාර යතුරුපැදිකරු අද (14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply