බෙංගාල බෝක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටු අවදානමක්

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර කාලගුණ අංශ විසින් නිවර්තන සුළි කුණාටුවක් පිළිබඳව පූර්ව අනාවැකියක් නිකුත් කර ඇත.

ඒ අනුව මැයි 07 සහ 09 දින අතර ගිනිකොනදිග බෙංගාල බොක්කෙහි සුළි කුණාටුවක් ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

මෙම සුළි කුණාටුව “Mocha” නමින් හඳුන්වා තිබේ

ඉදිරි දින පහ තුළ ඉන්දීවේ අරුණාචල් ප්‍රදේශ්, ආන්ද්‍රා ප්‍රදේශ් සහ තමිල්නාඩු ප්‍රාන්තවල අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කරමින් අනතුරු අඟවා තිබේ.

මැයි 07 වැනිදා පමණ එම කලාපයටම අඩු පීඩනයක් ඇති වන බවත් එය මැයි 8 වැනිදා අග්නිදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මැයි 09 වනදා සුළි කුණාටුව දක්වා වර්ධනය වි ඉන්දීයාව, බංගලදේශය සහ මියන්මාරයට බලපෑම් ඇති විය හැකි බව එහි සදහන්ය.

ඒ අනුව මැයි 07 වනදා සිට ගිනිකොණදිග සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල දැනට සිටින ධීවරයින්ට වහාම ආරක්ෂිත මුහුදු කලාපයකට හෝ ගොඩබිමකට පැමිණෙන ලෙසත් නැවත දැනුම් දෙන තුරු එම මුහුදු කලාපයට නොයන ලෙසත් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එරට ධීවරයන්ට උපදෙස් ලබාදී තිබේ.

One thought on “බෙංගාල බෝක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටු අවදානමක්

Leave a Reply