බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක් – ධීවර හා නාවික ප්‍රජාව වහාම ගොඩබිමට එන්න

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබදව ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් 06 වනදා වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පසුව එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙන්ගාල බොක්ක හරහා ගමන්කර දෙසැම්බර් 08 වනදා වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශ සහ ගිනිකොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම අවදානම් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම සිට කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ නිරිතදිග වබංගාල වබාක්ක මුහුදු ප්‍රදේශවලට හෙට (06) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

මේ අතර ගිනිකොණ දිග බෙංගාල බෝක්ක මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවිකයන් යාත්‍රා නොකරන ලෙසත්
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමකට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම් දීමක් කළේ ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.

One thought on “බෙංගාල බොක්කේ සුළි කුණාටු අවදානමක් – ධීවර හා නාවික ප්‍රජාව වහාම ගොඩබිමට එන්න

Leave a Reply