බුත්තලට තවත් භු චලනයක්

බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන් තවත් සුළු භූ කම්පනයක් වාර්තා වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (11) අලුයම 3.00ට පමණ සිදුව ඇති මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ මැග්නිටියුට් ඒකක 2.3 ක ප්‍රබලත්වයෙන් සිදුව තිබේ

මේ අතර ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පා ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

ඉන්දු-ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳීයාම දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට තරමක් වේගවත්ව සිදුවෙමින් පවතින බවත් එම බිඳී යාම සිදු වන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙන බව ද මහාචාර්යවරයා පවසයි .

මෙම සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය නොවිය යුතු බවත් ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේදී වාර්තා විය හැකි බවද ජේෂ්ඨ මහාචාර්ය වරයා පැවසීය 

Leave a Reply