බිත්තර හා කුකුළු මස් මිල ඉහළට

බිත්තරයක මිල රුපියල් 58 හා 60 දක්වා විශාල වශයෙන් වැඩිවී තිබෙන බවත් කුකුළු මස් කිලෝවක මිලද රුපියල් 1400 දක්වා වැඩිවී ඇති බව ජනතාව පවසති.

එක්වරම බිත්තරයක මිල විශාල වශයෙන් වැඩි වි ඇති අතර ගෑස් ලැබිමත් සමග ආපනශාලා විවෘත කිරිමෙන් පසු බිත්තර සදහා විශාල වශයෙන් ඇතිවු ඉල්ලුම නිසා බිත්තර මිල වැඩිවි ඇති බව කුකුළු පාලනයේ නිරත ගොවිහු පවසති.

පසුගිය කාලයේ බිත්තර මිල අඩුවිම නිසා කුකුළු පාලනයේ නිරත සුළු පරිමාණ ගොවින් සතුන් විකුණා දමා කුකුළු පාලනයෙන් ඉවත්වු බවද ඔවුන් පවසති.

කුකුළු කෑම මිල විශාල වශයෙන් වැඩිවිම හේතුවෙන් සහ 50% පමණ කුකුළු ගොවිපළවල් වැසීයාම හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ ගිය බව ඔවුහු පවසති.

මේ සඳහා කුඩා හා මහා පරිමාණ කුකුළු ගොවිපළවල් පවත්වාගෙන යාම සඳහා සහනදායි මිලකට කුකුළු කෑම ලැබෙන්නේ නම් ඉදිරියේදී කුකුළු මස් හා බිත්තරවල මිලෙහි අඩුවක් බලාපොරොත්තු විය හැකි බවද ඔවුහු පවසති.

Leave a Reply