බාලවයස්කාර දැරියට බරපතල ලිංගික අපරාධ සිදුකල දෙදෙනකු රිමාන්ඩ්

13 හැවිරිදි බාලවයස්කාර දැරියක් දුෂණය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල එම දැරියගේ ඥාතී සහෝදරයෙකු හා පෙම්වතා ලබන 09 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා ඊයේ (29) නියෝග කලේය..
 
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ 45 හැවිරිදි ඥාතී සහෝදරයා සහ 23 හැවිරිදි වියෙහි පසුවු වක්වැල්ල හා හපුගල පදිංචි දෙදෙනෙකි.
කාලයක සිට ඥාතී සහෝදරයා හා පෙම්වතා විසින් ඇය වරින්වර දුෂණයට ලක්කොට ඇති බවත් දැරියගේ ඥාතී සහෝදරයා විසින් මත්පැන් පානය කිරිමට හා දුම්පානයට දැරිය පොළඹවාගෙන ඇති බවද පොලිසිය අධිකරණයට කියා සිටියේය.. 
ඒ අනුව දැරිය මත්පැන් පානය කිරිමට හා දුම්පානය කිරිමට දැඩිලෙස ඇබ්බැහිවි ඇති බවත් මේ අතර දැරිය 23 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක්  පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු විසින්ද දැරිය දුෂණයට ලක් කර ඇති බව පොලිසිය අධිකරණයට කියා සිටියේය. 
පෙර පුවත සදහා 👇 
  

Leave a Reply