බාලවයස්කාර දැරියට දරුවෙක් දුන් බාප්පා සොයා පොලිස් පරික්ෂණ

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් ලද පැමිණිල්ලක් මත තම බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර 15 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ බාප්පා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

2009 වසරේදී බාප්පා විසින් ඇයට ලිංගික අතවර සිදුකර ඇති අතර ඒ හේතුවෙන් දැරියට දරුවකු ලැබී ඇත. මෙම දැරිය මේ වන විට 18 හැවිරිදි වියෙහි පසුවන බව පොලිසිය පවසයි.

මෙම දැරිය තම මව සහ බාප්පා සමග වැල්ලවාය ඌව කරදගොල්ල ප්‍රදේශීය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටියදී මෙලෙස ඇයට මෙම අතවරය සිදුකර ඇත.

පසුව ඇය බලහරුව ප්‍රදේශයේ හිතවතුගේ නිවසේ ජීවත්ව සිටියදී කිසියම් අයෙකු විසින් ඇය විවිධ පුද්ගලයන්ට අලෙවිකරන බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කිසියම් අයකු දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳව පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඇය එසේ අලෙවි නොකරන බවට තොරතුරු ලැබී ඇති අතර ඇයට අතවර කළ බාප්පා තනවා ගැනීමට පොලිසිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Leave a Reply