බ්‍රිතාන්‍ය යුවලගේ දේපළ සොරකම් කළ සැකකරු අත් අඩංගුවට

බ්‍රිතාන්‍ය ජාතික අඹුසැමි යුවලකගේ මුදල් සහ දේපල සොරකම් කල සැකකරුවෙකු පැමිණිල්ල ලැබී පැය 24 ක් ඇතුලත අත්අඩංගුවට අද (07) ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.  

විදෙස් ගමන් බලපත් දෙකක්, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ මෙලෙස සොරකම් කර තිබෙන අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

වැටකෙයියා පදුරක් අස්සේ සගවා තිබූ විදෙස් ගමන් බලපත් දෙක, වීසා බලපත්, බැංකු කාඩ්, කැමරාවක් සහ රන් සහ රිදී ආභරණ සොයාගත් බව පොලිසිය පවසයි.

සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව බ්‍රිතාන්‍ය යුවලගේ මුදල් සහ භාණ්ඩ බහාතිබූ සේප්පුව සොරකම් කර හිස් සේප්පුව මුහුදට විසිකර ඇති බවට ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන ලබයි.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

Leave a Reply