බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කැබිනට් ඇමතිවරයෙක්

බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලිස් ට්‍රස් විසින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා පරිසර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය පදවියට පත්කොට තිබෙන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කළේය.

බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය පදවියකින් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු දේශපාලනඥයා ලෙස රනිල් ජයවර්ධන මහතා ඉතිහාසගත වෙයි.

බොරිස් ජොන්සන් ගේ පාලනය සමයේ රනිල් ජයවර්ධන ලිස් ට්‍රස් අමාත්‍යවරිය යටතේ නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෙබැවූ අතර, අගමැතිවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිතයා ලෙසද ඔහු පත්කර තිබිණ.

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ උපත ලැබූ තිදරු පියෙකි. ඔහුගේ පියා, නලීන් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ උපත ලබා බ්‍රිතාන්‍යයට පැමිණ අයෙකු වන අතර රනිල් ජයවර්ධන මහතාගේ මව ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවකි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පරපුරකින් පැවත එන බ්‍රිතාන්‍යයේ නව පරිසර අමාත්‍යවරයා, සමගි ජන බලවේගයේ තරුණ සංවිධානයේ මහලේකම් කණිෂ්ක ලැනරෝල් මහතාගේ ඥාති සොහොයුරෙකි

Leave a Reply