බස් රථ දෙකක් ගැටී මාරක අනතුරක්

මාවනැල්ල ගණේගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකට ගැටී අද (07) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

මීගමුව සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය කළ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply