බල්ලෙකුට වෙඩි තබා මරලා

අරඹේපොල ගමන්වත්ත පිහිටි නිවසක සුරතලයට ඇති කරන ලද සුනඛයෙකුට අසල්වැසියකු වෙඩි තබා මරා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොතුහැර පොලිසිය පවසයි.

දේශපාලන පක්ෂයක් වූ ජනසෙත පෙරමුණේ සභාපතිවරයාගේ සුනඛයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව වාර්තාවේ.

ලද පැමිණිල්ලකට අනුව අසල්වැසි පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලීසිය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ ගෙවත්තට පැමිණි වල් ඌරකු යැයි සිතා මෙම වෙඩි තැබීම සිදු කළ බවත් සුනඛයකු බව දැන ගත්තේ නම් මෙම වෙඩි තැබීම සිදු නොකරන බවත් එම අසල්වැසි පුද්ගලයා පොලීසියට පවසා ඇතැයි වාර්තාවේ.

සුනඛයාට වෙඩි තබා මරා දැමීමට යොදා ගත් බව කියන බෝර 12 වර්ගයේ ගිනි අවිය එම අසල්වැසි පුද්ගලයාට වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ලබාදී තිබු ගිනි අවියක් බවත් ඒ සඳහා බලපත්‍රයක් තිබෙන බවත් පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply