බල්ලෙක් පැන ත්‍රිරෝද රථයක් පෙරළී දැරියක් මරුට

මැදවච්චිය පුනව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුනෑවේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වව්නියාව මහ රෝහලට ඇතුළත් කර තිබේ

ඔවුන් ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයට ඉදිරියෙන් පාරේ ගිය බල්ලෙකු පැනීම නිසා මෙම අනතුර සිදුව තිබේ.

සුනඛයා ත්‍රී රෝද රථයේ ගැටීමෙන් රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගය හරහා පෙරලී ගොස් තිබේ. තුවාලකරුවන් වව්නියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති අතර එහිදී පාසල් ශිෂ්‍යාව මියගොස් තිබේ.

මැදවච්චිය පුනව සහ වව්නියාව පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply