බල්ලා තැබු වෙඩිල්ලෙන් පුද්ගලයෙකු මරුට

ඇමෙරිකා එක්සත් ජනපදයේ කන්සාස් ප්‍රාන්තයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සතුන් දඩයමේ යන අතරතුර ගිනි අවිය අනාරක්ෂිතව තම ට්‍රක් රථයේ පසුපස ආසනයේ තබා ඇති අතර සිය සුරතල් බල්ලා පිටුපස ආසනයට පැන ගිනි අවිය මත පය තැබීම හේතුවෙන් ගිනි අවිය ක්‍රියාත්මක වී තිබෙන බව එම වාර්තා සඳහන් කළේය.

මියගිය පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන අයෙකු බවද එහි සදහන්ය.

මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවත් මරණය දඩයම් කිරීමට යාමේදී සිදුවන අනතුරක් බවට මූලික විමර්ශන කටයුතු වලදී හෙළි වී ඇති බවත් කන්සාස් ප්‍රාන්ත පොලිසිය ප්‍රකාශ කර තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය

Leave a Reply