බලපිටියෙන් සහ අක්මීමනින් මළ සිරුරු දෙකක් හමුවෙයි

අක්මිමණ නිවසක සහ බලපිටිය මාඳු ගඟේ තිබි පිරිමි මළ සිරුරු දෙකක් අද (12) සොයාගත් බව පොලිසිය පවසයි.

බලපිටිය දුම්රිය ස්ථානය අසක මාදු ගඟේ පිරිමි පුද්ගලයකුගේ නාදුනන මළ සිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් මාදු ගඟේ පාවෙමින් තිබු වයස අවු 70 ක පමණ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

මේ අතර අක්මීමන නිවසක් තුලින් දුගඳක් හැමිම හේතුවෙන් ප්‍රදේශවාසීන් පිරිසකගෙන් පොලිසියට ලද තොරතුරක් මත එම නිවසට ගොස් සොයා බැලිමෙදී එහි ඇඳක් මත මියගොස් සිට 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.

බිරිඳ මොහුව හැරගොස් ඇති අතර ඒ හේතුවෙන් නිවසේ හුදෙකලාව ජිවත්ව ඇති බවත් දින කිහිපයකට කලින් මියයන්නට ඇති බව සැකකරන බව පොලිසිය පවසයි.

මළ සිරුරු දෙක බලපිටිය සහ කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම මරණ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහ අක්මීමන පොලිසි විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply