බඹරුන් මිනිස් ජිවිතයක් බිලිගනි

තලවකැලේ ලිඳුල ප්‍රදේශයේ වතු කම්කරුවෙකු බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් අද (31) මියගොස් ඇති බව ලිඳුල පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි අයෙකි.

වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට  එකවරම බඹර කූඩුවක් කැඩී වැටී එහි සිටි බඹරුන් ඇවීස්සී පුද්ගලයන් දෙදෙනෙකු හට දෂ්ඨ කොට ඇති බව පොලීසිය පවසයි.

මියගිය අය රෝහලට ඇතුලත් කරන විටත්  මියගොස් සිටි බව ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

අනෙක් පුද්ගලයාටද විශාල බඹරුන් පිරිසක් දෂ්ඨ කොට ඇති බවත් එම පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවද එම ප්‍රකාශකයා පවසා තිබේ.

Leave a Reply