බදු ප්‍රතිපත්තියට හා ජිවන වියදමට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ මාලාවක්

සේවක පඩි පතමත පනවා ඇති ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ ඉහල යන ජිවන වියදමට විරෝධය පල කරමින් රෝහල් කාරය මණ්ඩල, ජල සම්පාදන කාර්ය මණ්ඩල, බැංකු සේවක සංගමය ගුරුවරුන් ඇතුලු රාජ්‍ය අංශවල නිලධාරින් සහ සේවක පිරිස අද (01)  ගාල්ල නගරයේ ස්ථාන කිහිපයකදි උද්ඝෝෂණ පවත්වන ලදී.

කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්වු අතර ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලයේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය කලුවැල්ල කාර්යාලයේ සිට පෙළපාලියකින් ගාල්ල බස් නැවතුම් පොල ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණය කරන ලදි.

ගාල්ලේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලුම් බැංකු වසා තිබු අතර බැංකු සේවක සංගමය ද ගාල්ල බස් නැවතුම්පොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මේ අතර ගුරු සංගම්වල සාමාජිකයෝද කළු ඇඳුමින් සැරසි පාසලට පැමිණ සිටි අතර පසුව දහවල් ගාල්ල නගරයේදි උද්ඝෝෂණයක් පැවැත්වුහ.

Leave a Reply