පෞද්ගලික බසයකදී තරුණියකට අතවර කරන්න හැදූ අයෙක් රිමාන්ඩ්

පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටියදී තරුණියකට අතවර කිරීමට තැත්කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු මේ මස 19 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි තරුණයෙකි.

සැකකරු නුවරඑළිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටි 21 හැවිරිදි තරුණියක් අසල වාඩිවී සිය ජංගම දුරකථනයෙන් පටිගත කරන ලද ලිංගික අවයව සහිත නිරුවත් ඡායාරූප ඇයට පෙන්වා එසැණින් කලිසම ගලවා තරුණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට තරුණිය විසින් ඉකුත් 4 දින නුවරඑළිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑළිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Leave a Reply