පොළොන්නරුව දී මාරක රිය අනතුරක්

පොළොන්නරුව ඕනෑගම මාර්ගයේ වළේකඩේ හංදිය ප්‍රදේශයේදී අද (15) සවස ලොරි රථයක් සහ ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ට්‍රැක්ටරයේ 10 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වෙයි.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, ට්‍රැක්ටරයේ ගමන්කළ කාන්තාවන් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply