පොලිසිය තුල ගිනි තබාගෙන බිරිඳ බදාගන්න හැදු අයෙකු රෝහලට

මිරිහාන පොලිසිය තුළදී සිරුරට ගිනි දල්වා ගෙන සිය බිරිඳව බදාගෙන සියදිවි නසා ගැනිමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා වළක්වාලීමට අද (18) සවස සමත් වී ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබු නුගේගොඩ පදිංචි 34 හැවිරිදි එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් ⁣කර තිබේ.

එම පුද්ගලයා විසින් බිරිඳට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිද්ධිය වී ඇති අතර මිරිහාන මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශය තුළ දී සැකකරු එකවරම ලයිටරයක් දල්වා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඒ අසල සිටි ඔහුගේ බිරිඳ බදා ගැනීමට උත්සාහ ගැනීමත් සමගම කාන්තාව දුවගොස් දිවි බේරාගෙන තිබේ.

ඒ සමගම එහි සිටි පොලිස් නිලධාරීන් එම කාන්තාව පසුපස හඹා යමින් සිටි එම පුද්ගලයා අල්ලාගෙන ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

Leave a Reply