පොල්ගෙඩි 20ක් හොරා ගත් අයෙකුට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක්

දිවුලපිටිය , කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වී රුපියල් 1200 ක් වටිනා පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවකුට එක් චෝදනාවකට මාස තුන බැගින් චෝදනා දෙකට බරපතල වැඩ ඇතුව එක් වසරක සිරදඬුවමක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය නියම කර තිබේ.

චුදිතට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වී ඇති හෙයින් නියම කළ බරපතළ වැඩ ඇතිව එක් වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට නියම කර තිබේ.

එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගෙවන ලෙසට චුදිතට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි.

දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙසේ අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබේ..

චුදිතයා 2021 වර්ෂයේ ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී දිවුලපිටිය ,කෙහෙල්ඇල්ලේදී ඉහත චෝදනා සිදු කර තිබූ බවට අධිකරණයේ දී සදහන් විය

Leave a Reply