පෙම් යුවල පැමිණි යතුරුපැදිය උස්සලා.

ගාල්ල, මහමෝදර වෙරළතිරයට සිය පෙම්වතිය සමග යතුරු පැදියකින් පැමිණ එය නවත්වා වෙරළට ඇවිදිමට ගොස් යලි පැමිණ බැලිමෙදී තරුණයෙකුගේ යතුරුපැදිය ඊයේ (05) දහවල් කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

ඊයේ දහවල් (05) තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමග ගාල්ල මහමෝදර මුහුදුතිරය අසලට පැමිණ ඇත. යතුරුපැදියේ හැඩලයද ලොක්කොට එහි නතරකොට පෙම්වතිය සමග වෙරළ තිරයේ ඇවිදිමට ගොස් ඇත. පස්වරු 1.00ට පමණ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂාකිරිමේ දි යතුරුපැදිය එහි තිබි නොමැති බැවින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කොට ඇත.

මෙම යතුරුපැදියේ වටිනාකම රුපියල් ලක්ෂ 06ක් පමණ වන බව තරුණයා ගාල්ල පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply