පුතුන් තිදෙනෙකු එක්වී පියා ඝාතනය කරලා

සිය පියාගෙන් සිදුවන බව කියන හිරිහැර ඉවසිය නොහැකිවූ දරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිකාමන් මිරිසුවිල් පදිංචි වයස අවුරුදු 21, 20, 28 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු බව පොලිසිය සඳහන් කරයි.

කලක සිට පියා ගෙන් සිදුවන හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව පුතුන් තිදෙනා විසින් ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply