පීලි අවුල හේතුවෙන් සංශෝධනය වු නව දුම්රිය කාලසටහන ලබන සතියේ

සංශෝධිත දුම්රිය කාල සටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත් එම කටයුතු ලබන සතිය තුල අවසන් කිරිමට හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පනවනු ලැබීමත් සමග දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කර කළේය.

වේග සීමා පැනවීම හේතුවෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට නියමිතය.

ඒ අනුව එම කාල සටහන ප්‍රකාශයට පත්කිරීම කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන අතර එය ක්‍රියාත්මක වන දිනය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ද ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply