පිළිකා රෝහල් 4ක් සහ ළමා රෝහලක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

මෙරට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු ස්ථානයක මෙම රෝහල් ස්ථාපිත කිරීමට නියමිතය.

මීට අදාළව ද ජනාධිපති ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ බව දැනුම්දී ඇත.

තවද මෙරට අක්ෂි සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය මගින් ආධාර පිරිනමා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply