පිලියන්දලදි මෝටර් රථයක් තුළ සිසුවකු මරුට

නිවසේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල මාම්පේ පදිංචි සිටි 17 හැවිරිදි සිසුවෙකි.

මෙම අවස්ථාවේ සිසුවාගේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවත් එදින සිසුවාගේ නිවුන් සොහොයුරා සමඟ ඔහුගේ මව ජයවර්ධනපුර රෝහලට පැමිණ ඇති අතර වැඩිමල් සොහොයුරිය සහ පියා රැකියාව වෙත ගොස් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

මියගොස් ඇති සිසුවාගේ පියා කඩිනමින් නිවස වෙත පැමිණ ඇති අතර එහිදී කළ සොයාබැලීමකදී නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළ සිරවී සිටි තම දරුවා දැක ඇති බවත් අනතුරුව කඩිනමින් දරුවා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් එහිදී සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

ගල්කිස්ස අපරාධ කොට්ඨාශයේ විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

පිළියන්දල පොලීසියද මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Reply