පිරිත් ගෙදර ආරවුල පස් දෙනෙකු රෝහලට

ගාල්ල මාපලගම කැටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඊයේ (19) සවස ඇතිවූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාලකරුවන් උඩුගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

තුවාලකරුවන් තවලම සහ මාපලගම පදිංචි අවුරුදු 20ත් 34ත් අතර වයස්වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

පරණ තානායම්ගොඩ ප්‍රදේශයේ පැවති පිරිත් ගෙදරක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ආරවුල හටගෙන තිබෙන බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply