පින්නවල මයුරි අවසන් ගමන් යයි

පින්නවල අලි සංරක්ෂණාගාරයේ 39 හැවිරිදි මයුරි ඇතින්න අද (27) දහවල් හදිසියේ මියගොස් ඇත

කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බේරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් සවස ඇතින්න මියගොස් ඇති බව වාර්තාවේ.

1983 වසරේදී අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේ අතරමංව සිටියදී පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණ එහි සිටි ඇතින්නකි. ‘අංජලී’ සහ ‘ගගණ’ යන අලි පැටවුන් දෙදෙනා බිහිකලේ ද මයුරි ඇතින්නයි

මියගිය මයුරි ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂණය අද සවස සිදුකිරීමට නියමිතව තිබිණ.

Leave a Reply