පින්නදූව දී හෙරොයින් කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ සුඛෝපබෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 03 ක් පමණ පින්නදූව පිවිසුම අසළදී අත්අඩංගුවට ගෙන තිබෙන බව අක්මීමන පොලිසිය පවසයි.

ඊයේ (01) රාත්‍රියේ අක්මීමන පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව අදාළ මෝටර් රථය නතරකොට පරීක්ෂා කිරීමේදී එහි බෑග් කිහිපයක තිබී මෙම හෙරොයින් තොගය හමුවී ඇත.

එම බෑග් මෝටර් රථයෙන් ඉවතට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරු මෝටර් රථය පණගන්වා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර මේ සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply