පිටිගල වෙඩිතැබීමේ සැකකරුවන් අලුත්ගම දී අත්අඩංගුවට

පිටිගල, නියාගම ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර අලුත්ගම ලැගුම්හලක සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනිඅවියත් සමඟ අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

නියාගම දී පසුගිය 03 දින මනුෂ්‍ය ඝාතනයක් කර ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  අද ( 09 ) පස්වරුවේ අලුත්ගම වැලිපැන්න පාරේ ලැගුන්හලක සැඟව සිටියදී ඝාතනය සිදු කළ ගිනි අවිය සමග අලුත්ගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 කානු දෙකේ ගිනි අවිය, ජංගම දුරකථන පහක් සහ මුදල් ඇතුළු නඩු භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිටිගල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිටිගල – නියාගම ප්‍රදේශයේ ඉකුත් (03) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වු අතර මෙලෙස මියගොස් තිබුනේ 31 හැවිරිදි පිටිගල – මියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැඟව සිටි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට මූලික පරීක්ෂණවල දී අනාවරණ වු අතර වෙඩි වැදුණු පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

Leave a Reply