පැයට කිලෝමීටර් 234 වේගයෙන් “නන්මඩෝල්” සුපිරි සුළි කුණාටුව ජපානයට කඩාවදී

නන්මඩෝල් නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 234 ක වේගයකින් දකුණුදිග ජපානයට කඩා වැදුණු අතර කුණාටුව මේ වන විට ජපානයේ ප්‍රධාන දූපත ඔස්සේ ඔසාකා සහ කියෝතෝ නගර දෙසට නැගෙනහිර දෙසට ගමන් කරමින් පවතින අතර අඟහරුවාදා ටෝකියෝ අගනුවරට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය

දැනට එක් අයකු මිය ගොස් හැත්තෑ දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ

සුළි කුණාටුව සම්බන්ධයෙන්, ජපාන කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇගවීම් රැසක් සිදු කර තිබේ. දශක ගණනකට පසු ජපානයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව මෙය බවද ජපාන කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇතැයි එම වාර්තා පැවසීය.

මේ වන විට සුළි කුණාටුව බලපෑ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇත.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා රට වැසියන් ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ අනාරක්ෂිත ස්ථානවල සිටින සියලු දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු බවත් එම සංඛ්‍යාව මිලියන 09 වන බවද සදහන්ය. සුළි කුණාටුව ජපානයට කඩා වදින අවස්ථාව වෙද්දී, මිලියන හතකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි ද එම වාර්තා සදහන් කලේය.

Leave a Reply