පැපුවා නිව් ගිනියාව ප්‍රබල භූමිකම්පාවකින් කැළඹේ

පැසිපික් සාගරයේ පිහිටි පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.0 ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි

එරට වේලාවෙන් අද (03) අලුයම 3.04 ට සිදුවු මෙම භූමිකම්පාව නැගෙනහිර සෙපික් පළාතේ අම්බුන්ටි නගරයට කිලෝමීටර් 46 ක් පමණ දුරින් කේන්ද්‍රගත වී ඇත. එය කිලෝමීටර් 62 ක් ගැඹුරින් සිදුව ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණය (USGS) පැවසුවේ මෙම භූමිකම්පාව මැග්නිටියුඩ් 7.3ක් ලෙස කලින් ගණන කර කර තිබුණත් පසුව එහි අගය මැග්නිටියුඩ් 7.0 ක් ලෙස සටහන් වූ බව ඔවුන් නිවේදනය කළේය.

ඒ රටට සහ අවට කලාපයට සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළ අතර ඔස්ට්‍රේලියාවට ද මෙමඟින් සුනාමි අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙම භූමි කම්පාවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපල හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැත.

Leave a Reply