පාස්පෝට් පෝලිමේ සිටි ගැබිනි කාන්තාවකට දරු උපතක්

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටි ගර්භණී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කර තිබේ.

ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැසිකිළියට ගොස් සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහල විමත් සමග ඇය සිදු කළ දැනුම් දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නිරතව සිටි හමුදා කණ්ඩායමක් විසින් ඇයව වහාම බොරැල්ල කාසල් කාන්තා රෝහලට රැගෙන ගොස් තිබේ

රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය දියණියක් ප්‍රසූතියක් සිදු කර ඇත.මේ වන විට මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

Leave a Reply