පාස්පෝට් එක ගන්න කලින් කියලා එන්න

දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමෙන් පසු පමණක් විදේශ ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය සේවා දායකයන්ට දන්වා සිටී.

රෝගාබාධවලට ලක්ව සිටින හෝ විදේශගත වීමට සිටින හා කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශ ගමන් බලපත්‍රය සකස් කර ගැනීමට සිටින අය තම ලේඛන පෙන්වා පැමිණෙන ලෙසද දෙපාර්තමේන්ව දන්වා සිටින අතර, වේලාවක් හෝ දිනයක් වෙන් කර ගෙන නැති අය පැමිණීමෙන් වළකින ලෙසද දන්වා සිටී.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදේශ ගමන් බලපත්‍රය ගැනීමට නව ක්‍රමයක් හඳුන්වා දෙන බවද දෙපාර්තමේන්තුව පැවසීය

Leave a Reply