පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන ජිවිතක්ෂයට

අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි මායාදුන්න ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු බව පොලීසිය පවසයි 

පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත

නිවසේ තිබූ බලපත්‍රයක් නොමැති බෝර12 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති අතර වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ පාසැල් සිසුවා අම්පාර රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Leave a Reply