පාසල් සිසුවියක් සමග කෑලයක සිටි තරුණයෙකු අත් අඩංගුවට

අවුරුදු 12ක පාසල් සිසුවියක් සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි 32 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව සාලියවැව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කර තිබේ.

වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව සාලියවැව පොලීසියේ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply