පාසල් සිසුවියකට ලිංගික අපරාධයක් කල සිසුවෙකුට ඇප

15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අපරාධයක් කල 17 හැවිරිදි පාසල් සිසුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටත් ලිංගික අපරාධයට ලක්වූ බාලවයස්කාර දැරිය රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත මවට භාර දීමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (18) නියෝග කළේය.

මෙම පාසල් සිසුවිය හා සිසුවා අක්මිමන ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙනුම ලබමින් සිට ඇති අතර මොවුන් දෙදෙනා දැනට වසරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් තිබි ඇත. පාසල් නොගොස් පාසල් සිසුවා හා සිසුවිය අක්මිමන හියාරේ ප්‍රදේශයේ කැළැවකට වරින්වර ගොස් ඇති අතර එහිදි පාසල් සිසුවිය මෙම ලිංගික අපරාධයට ලක්ව ඇති බව විමර්ශනවලදි අනාවරණය වු බවත්,

මෙම පාසල් සිසුවිය හා සිසුවා පාසල් නොගොස් හියාරේ ප්‍රදේශයේ කටුපොල් වත්තකට ගොස් ඇති අතර තේ දළු නෙළුමින් සිටි කාන්තාවන් පිරිසක් මේ බව දැක පොලිසියට දැනුම් දි ඇත.

පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇති අතර මොවුන් දෙදෙනාගේ පාසල් බැග් ඇතුළු ඇදුම් පැළදුම් කටුපොල්වත්තේ තිබි සොයාගෙන ඇත. පසුව මෙම පාසල් සිසුවාගේ මව විසින් පාසල් දැරිය රැගෙනවිත් ඇයගේ දෙමව්පියන්ට භාරදි ඇත. පොලිසිය විසින් පාසල් සිසුවිය හා සිසුවා අධිකරණ වෛද්‍ය පරික්ෂණයකට යොමුකරණු ලැබිය. පාසල් දැරිය අවස්ථා කිහිපයකදි ලිංගික අපරාධයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍ය පරික්ෂණයේ දි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.

අක්මීමන පොලිසිය විසින් දැරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Leave a Reply