පාසල් සිසුන් අතර ගුටිබැට හුවමාරුවක්

නාගොඩ බෝවිටියමුල්ල ප්‍රදේශයේ දී අද (03) දහවල් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර එක් සිසුවෙකු සුළු කැපුම් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වදුරඹ ප්‍රදේශයේ පාසලක 10 වසර සිසුවෙකි. පසුව එහිදී ගම්වාසීන් විසින් මෙම සිසුවාට පහරදුන් එම ප්‍රදේශයේම පාසල් තුනක ඉගෙනුම ලබන 11 වසරේ සිසුන් පස් දෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබේ.

සමාජ මාධ්‍ය හරහා පළ කළ සටහනක් හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply