පාසල් දැරිය පාසලේදීම කෙලෙසූ සිසුවාට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

වවුනියාව මාන්කුලම විදුහලේ වැසිකිළියකදී පාසල් දැරියක් වාර දෙකක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පාසලේ තරුණ ශිෂ්‍යයකුට වවුනියාව මහධිකරණ විනිසුරුවරයා වසර 10 බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කොට අගතියට පත් සිසුවියට රුපියල් ලක්ෂ හතරක වන්දි මුදලක් ගෙවන ලෙස බදාදා (8) නියම කළේය.

අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට ද මහධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ

පාසල් වැසිකිළියේදී සිසුවිය දෙවරක් දූෂණයට ලක්ව ඇත්තේ ඇය පාසල් නිල ඇඳුමින් සිටියදීය. සිසුවාද එම අවස්ථාවේ පාසල් නිල ඇඳුමින් සිට ඇත.

2017 මාර්තු මස 12 වැනිදා මෙය සිදුව ඇත. මාන්කුලම පොලිසිය සැක සිසුවා අත්අඩංගුවට ගෙන මාන්කුලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මූලික නඩු විභාගයක් මාන්කුලම අධිකරණයේදී පැවැත්වීමෙන් පසු නඩුව වවුනියාව මහාධිකරණය වෙත යොමු කොට තිබිණි.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.

Leave a Reply