පාසලට පැමිණිම 80% නැත්තම් A/L ලියලා හමාරයි

ලබන 2023 වසරේ සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80 නොපැමිණෙන සිසුනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව නොලැබෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙය 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම නීතිය බල නොපානා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply