පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගමන් ගත් වාහනය අනතුරක

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොල දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදුහානියක් සිදුවී නොමැති අතර ඔහු ගමන්ගත් ජීප් රථය පැදවූ රියදුරා ද තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට මන්ත්‍රීවරයාද සහය ලබාදෙමින් කටයුතු කර තිබේ.

නතර කර තිබූ කුඩා ප්‍රමාණයේ ලොරි රථය එක්වරම මාර්ගයට ගැනීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වි තිබේ.

පසුව මන්ත්‍රීවරයා වෙනත් රථයක් ගෙන්වා ගෙන එහි නැගී පිටත්ව ගොස් ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply