පාපන්දුවේ පුරාවෘත්තය පේලේ දිවිසැරිය නිමාකරයි

අසනිප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබු බ්‍රසීල පාපන්දු සුපිරි ක්‍රිඩක පේලේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

බ්‍රසීලයේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයන විට 82 හැවිරිදි වියෙහි පසුවිය.

එදා මෙදා තුර ලොව බිහිවු දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා ලෙස බ්‍රසීලයේ පේලේ සැලකෙයි.

1958, 1962 සහ 1970 වසරවල පැවැති පාපන්දු ලෝක කුසලාන බ්‍රසීලයට දිනා දිමේ පුරෝගාමියා වන අතර 20 වන සියවසේ හොඳම ක්‍රීඩකයා ලෙසද සැලකේ.

පෙර පුවත සදහා

Leave a Reply